Friday, November 13, 2015

Your lunchbox or water bottle is healthy or not

ඔබගේ වතුර බෝතලය කෑම පෙට්ටිය සෞඛ්‍යට  හිතකරද?මාරාන්තිකද?

බොහෝ දෙනා තම පහසුව සලකා වතුර බෝතල් සහ කෑම පෙට්ටි භාවිතා කරනවා. නමුත් එම උපකරණ සෑදීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය පිළිබදව විශේෂ සැළකිල්ලක් නොදක්වන බව ඔබ හොදාකාරවම දනී. එම නොසැලකිල්ල ඔබට ජීවිත තර්ජන පවා එල්ල කරනා බව ඔබ දන්නෙහිද?




PET හෝ PETE


PET හෝ PETE වර්ගයේ බෝතල් භාවිතය සුදුසු නොවේ. එම බෝතල් නිෂ්පාදනය සදහා යොදාගන්නා රසායන ද්‍රව්‍ය සිරුරේ හොර්මෝන වෙනස් කිරීමට හේතු වනවා. සාමාන්‍යයෙන් PEA ලෙස නම් කරන වර්ගයේ බෝතල් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වතුර බෝතල් පිරවීමට යොදාගන්නා බව නම් නොරහසකි.

HDP හෝ HDPE


මෙම වර්ගය ආරක්ෂිත වන අතර නිෂ්පාදනයේදී රසායන ද්‍රව්‍ය භාවිතා නොකරයි. වතුර බෝතලයක් මිලට ගන්නා විට HDP හෝ HDPE වර්ගයෙන් මිලට ගැනීමට විමසිලිමත් වන්න.

PVC හෝ 3V


රසායන ද්‍රව්‍ය දෙකක් යොදා ගන්නා අතර එම විෂ ධුලක සිරුරේ හෝර්මෝන අසමතුලිත කරයි. සෙල්ලම් උපකරණ, ආහාර පිසින තෙල් අඩංගු බෝතල් වල, දත් එන වයසේ දරුවන්ට සැපීමට දෙන ටීතින්ග් රින්ග්ස් සහ තවත් බොහෝ උපකරණ වල මෙම ලකුණ දැකිය හැක.

LDPE


මෙම වර්ගය විවිධ මාදිලියේ ප්ලාස්ටික් බෑග්( ඩ්‍රයි ක්ලීනර් ගාර්මන්ට් බෑග්, එළවලු විකිණීමට ගන්නා ඉටි ආවරණය) සාදන මෙම ප්ලාස්ටික් වර්ගය සෞඛ්‍යට අහිතකර නොවේ.

PP


සුදු පැහැ හෝ සමහර විට තරමක් විනිවිද පෙනෙන බෝතල්, සිරප් වර්ග ඇසිරූ බෝතල් හා යෝග්ට් කප් සෑදීමට ගන්නා ප්ලාස්ටික් වරක් භාවිත කර ඉවත දැමිය යුතුය.

PS


ආහාර ඇසුරුම් සදහා යොදාගන්නා උපකරණ සකස් වන්නේ මෙම ප්ලාස්ටික් වර්ගයෙනි. හදිසි අවස්ථාවල භාවිතයට ගෙන ඉවත් කරනා හැදි වර්ගත් මෙයින් නිපදවනු ලබයි.

PCහෝ ලේබල් කර නැති ප්ලාස්ටික්


මෙය භාවිතය ඉතාම භයානකය. BPA වර්ගයේ රසායන ද්‍රව්‍ය වලින් නිපදවෙන මෙම ප්ලාස්ටික් ක්‍රිඩාවලදී යොදා ගන්නා වතුර බෝතල් හා කෑම පෙට්ටි සෑදීමට යොදාගනී. මෙම නිෂ්පාදන නිතර භාවිතා කිරීමෙන් අන්තරාසර්ග පද්ධතියේ අර්බුධ මතුවිය හැකිය. 

Sunday, November 1, 2015

Olive oil

ඔලිව් තෙල්


අතීත ග්‍රීසියේ කාන්තවන්ගේ සමේ පැහැයේ රහස
වසර 57000 කට එපිට මුතුන්මිත්තන් ඔලිව් තෙල් ආහාර පිසීම සදහාත් ප්‍රතිකාර හා වෙනත් සෞඛයමය කටයුතු සදහාත් යොදාගත් බව සොයාගෙන තිබෙනවා. විශේෂයෙන්  ප්‍රථම වරට ඔලිව් තෙල් භාවිතා කළ රට ලෙස හදුනාගෙන ඇත්තේසිරියාවයි. ඒ අනුව ක්‍රිස්තු පූර්ව 3000 පමණවන විටත් ඔලිව් තෙල් භාවිත කළ බවට සාධක හමුවනවා. ක්‍රිස්තු පූර්ව 1500 - 1700 පමණ කාල සීමාවේ ස්පාඤ්ඤය කොලෝසියම සහ ඇමරිකාව ඔලිව් තෙල් භාවිතා කර තිබෙනවා. එකල අත්ලාන්තික් සාගරය හරහා ඔලිව් තෙල්, ඔලිව් ගෙඩි ආදිය වෙළදාමේ නිරත වී තිබෙනවා. අදටත් ඉතාලිය 25% ක් ස්පඤ්ඤය  36% ක් ග්‍රීසිය 18% ක් ලෙස නිෂ්පාදන සදහා ඔලිව් තෙල් භාවිතා කරනවා. මෙම නිෂ්පාදන ‍රැසක් රූපලාවණ්‍ය නිෂ්පාදන වීම විශේෂත්වයක්.

දියවැඩියාවට ගුණ ඔසුවකි.

ඔලිව් තෙල් නිතර භාවිතා කරන පුද්ගලයන්ට දෙවන මට්ටමේ දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩුවන බව පර්යේෂණයකින් සොයාගැනුණා. ඒ අනුව රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට ඔලිව් තෙල් වලට හැකියාව පවතිනවා. ඒ අනුව ඔලිව් තෙල් වල පවතින ස්වාභාවික ස්ංතෘප්ත මේදය ප්‍රධාන වශයෙන්ම රුධිරයේ සීනි මට්ටම පහළ හෙළීමට හේතු වෙනවා. තවද ඒ මගින්  සීනි මට්ට්ම පාලනය කර ඉන්සියුලීන් ශ්‍රාවය ශක්තිමත් කිරීමද සිදුවෙනවා.

රුව වඩන ස්වාභාවික සත්කාරයක් ලෙස.

රූපලාවණ්‍ය  ගැන සිතන ස්වභාවික සත්කාර මගින් ලස්සන වන්නට කැමති අයට ඔලිව් තෙල් කියන්නේ හොදම අමුද්‍රවයක්. සුන්දර රූ සපුවක් වෙනුවෙන් ඔලිව් තෙල් වලට කල නොහැකි දෙයක් නොමැත.නාන වතුරට ඔලිව් තෙල් මිශ්‍ර කිරීමෙන් සම සුමුදු කරගත හැක. එසේම මැරුනු සම ඉවත් කර  සම නැවුම්ව  පැහැපත්ව තබයි. බොඩිලොෂන් එකක්  ලෙසද ඔලිව් තෙල් භාවිතා කල හැක. ඉන් සම වියළීම හා වයසට යෑම වළක්වා තෙත්ව පැහැපත්ව තබයි. මේක් අප් ඉවත් කිරීමේ ආලේපනයක් ලෙසද  ඔලිව් තෙල් භාවිතා කල හැකිය. පුලුන් කැබැල්ලකට ඔලිව් තෙල් ස්වල්පයක් දමා මේක් අප් ඉවත් කල හැක.
මදක් රත් කල ඔලිව් තෙල් භාජනයකට විනාඩි 10 පමණ දෑත් දමාගෙන සිටින්න. සති 2ක් පමන මෙම සත්කාරය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය.  ඇස් යට දුබුරු පැහැය ඉවත් කිරීමට ද ඔලිව් තෙල් යොදාගත හැකිය. එසේම දෑස් පිහ‍ටුවල ඇහිබැමිවල සියුම්ව  ඇගිලි තුඩුවලින් ගැල්වීමට පුලුවනි. ඔලිව් තෙල් වලට බිත්තර කහ මද තේ හැන්දක් පමණ කලවම් කර දෙහි යුෂ ස්වල්පයක් දමා ෆේස් මාස්ක් එකක් ලෙසද නිවසේදිම සකස් කර ගත හැකිය. ඔලිව් තෙල් ස්වල්පයක් ගෙන කහ මදය තේ හැදි 3 ක් කලවම් කර  දෙහි යුෂ එක්කර මාස්ක් එකක් ලෙස හිසට දමා විනාඩි 15 ක් පමණ තබන්න.

සමේ පිළිකා සුව කිරීමේ ප්‍රබල ගුණය.

ඔලිව් තෙල්  මගින් සමේ ඇතිවන පිළිකා සුවකල හැකි බව නවතම පර්යේෂණයකින් සොයගෙන තිබෙනවා. එයිනුත් සමේ පිළිකා අතර භයානකම තත්වය වන මෙලිගන්ට් මෙලනොමා තත්වය වැළැක්වීමට ඔලිව් තෙල් වලට හැකිය. පාරිජම්බුල කිරණ සහ සමට අහිතකර විකිරණ වර්ග පලවා හැරීමට ඔලිව් තෙල් වලට විශේෂ හැකියාවක් පවතී. ඒ අනුව සන් ක්‍රීම් වර්ගයකින් කරන කාර්ය කිරීමේ හැකියාව ඔලිව් තෙල් සතුය. සාමාන්‍යයෙන් අහිතකර විකිරණ වලට ප්‍රතිරෝධය දැක්වීමට කැරොටීන් අඩංගු ආහාර වලට හැක. මේ අනුව ඔලිව් තෙල් වල කැරොටීන් බහුලය. ඊශ්‍රායලයේ අවීව් විශ්වවිද්‍යාලය සහ ජර්මනියේ රොක්ස්ටොක් විශ්වවිද්‍යාලය ඒකාබද්ධව මෙම පරීක්ෂණය කර තිබුණා.

හෘද රෝගීන්ටත් ගුණදායකයි.

හෘදය සුවපත් කිරීමේ හැකියාවක් ඔලිව් තෙල් සතුව පවතින බවට ද පර්යේෂණ ගණනාවකින්ම අනාවරණය වී තිබුණා.එලෙස හෘදය සුවපත් කිරීමට හැකියාව ඇත්තේ ඔලිව් තෙල් වල සංතෘප්ත මේදය අඩංගු වීම හේතුවෙනි. එයට අමතරව කොලෙස්ටරෝල් අවම වීම හා කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණවත්  පරිදි තිබීමත් හේතු වේ. රුධිරය සාමාන්‍ය මට්ටමට ගෙන පිරිසිදු කිරීම, රුධිර පීඩනය සමනය කිරීමට ඇති හැකියාව, හේතුවෙන් තවදුරටත් හෘදය සුවපත් වෙනවා. රුධිර නාලිකා පවා පිරිසිදු කිරීමේ හැකියාවක් ඔලිව් තෙල් සතුය. ඇමරිකානු පෝෂණවේදීන්  පර්යේෂණ මගින් මෙම කරුණු සොයාගෙන තිබුණා. මෙම පර්යේෂණ වල අරමුණ වූයේ දිනෙන් දින වැඩි වන හෘද රෝග පාලනයයි.


Saturday, October 31, 2015

Garlic is not only the food ingredient

ආහාර රසකාරකයක් පමණක්ම නොවන සුදු ලූනු


ඊජීප්තුව පෙර දවස සිටම සුදු ලූනු භාවිතා කල බවට සොයාගෙන තිබෙනවා.වරක් ඊජීප්තුවේ සංචාර්යේ යෙදුණු පිරිසක් 1548 දී පමණ සුදු ලූණු ගෙනවිත් එංගලන්තයේ රෝපණය කළා. එයින් පසුව සුදු ලූනු එංගලන්තය පුරා ව්‍යාප්ත වුණා. පිරමීඩ නිර්මාණය කළ පුද්ගලයන් දිනපතාම සුදු ලූනු පුලුස්සා ආහාරයට ගත් බව පසුව කළ සොයාගැනීමකින් හෙළි වුණා. එයින් ඔවුන් බලාපොරොත්තු වුණේ බර වැඩ කිරීමට අවශ්‍ය ශක්තිය ලබාගැනීමයි. රෝමයෙදී සුදු ලූනු විස වර්ග සකසා ගැනීමටත් භාවිතා කළා. ස්පාඤ්ඤයේදී බැක්ටීරියා ආසාදන වැළැක්වීමට සහ ආසාදන ඇති වූ අයට ප්‍රතිකාර කිරීම සදහා ද සුදු ලූනු ඖෂධ ලෙස යොදා ගෙන තිබෙනවා. යුරෝපයේ තවමත් පවතින විශ්වාසයකට අනුව වැම්පයර් අවතාර වලින් බේරීමට සුදු ලූණු භාවිතා කරනවා. වැම්පයර්වරු සුදු ලූණු ගන්ධයට බියවීම එයට හේතුවයි. එසේම ආහාර රුචිය වැඩිකිරීමට, බඩගින්න ඇතිකිරීමට සමත්ය. එසේම අපද එදිනෙදා සුදු ලූනු ආහාරය එක්කර ගන්නෙමු.





මේදය දහනය කිරීමේ සුවිශේෂී හැකියාව.

සුදු ලූනු ලෝකයේ මෙතෙක් පහල වූ බොහෝ දෑ අතුරින් ආහාරය පිණිස ඇති වටිනාම ද්‍රවයක් ලෙස හැදින්විය හැකිය. සුදු ලූනු, බී ලූනු, ලීක්ස් ආදී ශාක අයත් වන කුලයටම අයත් වෙයි. අද වන විට සුදු ලූනු නිකන්ම නිකන් ආහාර රසකාරකයක්ම නොවේ. සොඛය සම්පන්න ජීවිතයක් සදහා අත්‍යවශ්‍යම වන ආහාර අතිරේකයක් ලෙස සුදු ලූනුවැඩි වැදගත්කමක් උසුලනවා.
ප්‍රතිශක්තීකරණ පද්ධතිය  ශක්තිමත් කරමින් මිනිස් සිරුර විෂබීජ වලින් ආරක්ෂා කිරීම, ඇන්ටිඔක්සයිඩ වර්ධනය, සොඛයමත් රුධිරවහනයක් ඇතිකිරීම, සුදු ලූනු වල ප්‍රධාන කාර්යයි. සුදු ලූනු වල ස්ල්ෆර් අඩංගු වේ. එය සිරුර ක්‍රියාශිලී වීමට හේතුවනවා. සුදු ලූනු තැලීමෙන්, කැපීමෙන් හෝ කොටස් වශයෙන් ආහාරයට ගැනීමෙන්  සිරුරට අවශ්‍ය ස්ල්ෆර් ප්‍රමාණය ලබාගැනීමට හැකිවෙයි. ඒමගින් සිරුරට අවශ්‍ය ප්‍රතිදේහ සිරුර තුලම නිර්මාණය වෙයි. තව ද සමෙහි ඇතිවන දද, කුෂ්ඨ සුව කිරීමේ ගුණය මෙහි අඩංගු වන අතර සෙම් රෝගය සදහා ප්‍රතිකාරයක් ද සුදු ලූනු වල අඩංගු වෙනවා. එය පෙනිසිලීන්වල අඩංගු වෙන ඖෂධීය ගුණයට සමාන වෙයි. අධ්‍යනයකට අනුව  හෙළිවී තිබුණේ සුදු ලූනු වලට රුධිරයේ අධික මේදය  ද දහනය හල හැකි බවයි. ඉන් කොලෙස්ටරෝල් හා රුධිර පීඩන අවදානම  පහ වන අතර අධික ස්ථුලතාවයට ද එය පිළියමක් වෙයි







හිස් බඩම සුදු ලූනු කන්න.

උදේ ආහාරයට පෙර සුදු ලූනු කැබැල්ලක් හිස් බඩම කන්න පුලුවන් නම් උදරාබාධ ඇතුලු රෝග ‍රැසකට ප්‍රතිකාර සොයාගැනීමටත් හැකිවෙයි. හිස්බඩ පුංචි සුදු ලූනු කැබැල්ලක් ආහාරයට ගත හැකිනම් උදරයේ තිබෙන අහිතකර බැක්ටීරියා හා විෂ වර්ග ඉවත් කරගැනීමේ හැකියාව ද පවතිනවා.
මීට අමතරව,

  • සුදු ලූනු මගින් ආතතිය වළක්වා ගත හැකිය. එමගින් හදවත් රෝග වැළදීමේ අවදානම ද පහ වී යයි.
  • සුදු ලූනු ආහාරයට ගැනීමෙන් ස්නායු සහනයට පත්වෙයි.
  • අහිතකර විෂ වර්ග ඉවත් කරයි.
  • අව රුධිර පීඩනය වළක්වා අහිතකර මේදය ඉවත් කරයි.
  • අක්මාව හා මුත්‍රාශ බිත්ති ශක්තිමත් කරයි.
  • මෙසේ බලනා විට සුදු ලූනු ශරීරයට අත්‍යවශය ආහාරයක් ලෙස හැදින්විය හැකිය. එසේම 
  • සුදු ලූනුවල පිළිකා නාශක ගුණය බහුලව පවතී. නිතර සුදු ලූනු ආහාරයට ගන්නා පුද්ගලයන්ගේ සිරුරේ පිළිකා සෛල වර්ධනය නොවේ.
  • අව රුධිර පීඩනය සාමාන්‍ය කරයි.
  • රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි.
  • විටමින් A, B, B12, B6, D, C  ප්‍රොටීන්, පොටෑසියම්, කැල්සියම්, සින්ක් සහ තවත් පෝෂක බොහෝ ප්‍රමාණයක් අඩංගුය.
  • ආසාත්මිකතා ඇතිවීම පාලනය කරයි.
  • ස්ථුලතාවය පාලනය කරමින් මේදය දහනය කරයි.
  • නිතර සුදු ලූනු ආහාරයට ගන්නේ නම් බෙහෙත් පෙති ගිලීම පාලනය කරගත හැකිය.
  • උණට කැස්සට සුදු ලූනු හොද අත් බෙහෙතක් වේ.
  • අක්මාව සුවපත් කරවයි.
  • රුධිර පට්ටිකා ප්‍රමාණය වැඩි කරයි.
  • හෘදයාබාධ හා රුධිරයේ කැටිගැසීම පාලනය කරයි.


පෝෂණ කරුණු
සුදු ළුනු 100g ක  ප්‍රමාණය

කැලරි 149
මුළු මේදය                                                  0.5 g 0%
සංතෘප්ත මේදය                                          0.1 g 0%
බහු අසංතෘප්ත මේද                                    0.2 g
Monounsaturated මේදය                              0 g
කොලෙස්ටරෝල්                                         0 mg 0%
සෝඩියම්                                                    17mg  0%
පොටෑසියම් 401                                          11% mg
මුළු කාබෝහයිඩ්රේට                                  33 g 
තන්තු                                                         2.1g 8%
සීනි                                                               1g
ප්‍රෝටීන්                                                         6g 12%

විටමින් A               0%                                                          
විටමින් C              52% 
කැල්සියම්             18% 
 යකඩ                    9%
විටමින් D              0% 
විටමින් B-6          60%
විටමින් B-12         0% 
මැග්නීසියම්           6%

Friday, October 30, 2015

Green TEA joyful Thin Me?

ග්‍රින් ටී බිව්වම  කෙට්‍ටු වෙනවද?



පසුගිය වසර කිහිපයක පටන් හරිත තේ පිළිබදව බොහෝ දෙනා අතර කතා බහ ඇති වුණා.
හරිත තේ නිපදවන්නේ සාමාන්‍ය තේ කොළ නිෂ්පාදන ක්‍රියාවලියේදී අව්ම වශයෙන් ඔක්සිකරණයට ලක්වෙන කැමේලියා සිනෙන්සිස් ශාකයේ පත්‍ර ආශ්‍රයෙන්. ආසියානු රටවල් හරිත තේ ගැන කතා කලත් හරිත තේ වල මුල් උරුමක්කරුවන් බවට පත්වන්නේ චීන ජාතිකයන්ය. පසුගිය කාලය පුරාම විවිධ පර්යේෂකයන්ගෙන් හරිත තේ ගැන විවිධ දේ කියැවුණා. මේ ඒ පිළිබද තොරතුරු ස්වල්පයක්...







  • සම්ප්‍රදායිකව අපි සෞඛ්‍ය සම්පන්න ආහාර විධියට හදුන්වන නැවුම් පලතුරු හා එළවලු වල ඇතුලත් වන ෆ්ලවෝනොයිඩ්ස් ප්‍රමාණයක් හරිත තේ වල අඩංගු වෙනවා.
  • හරිත තේ වල අඩංගු පොලිපිනෝල්ස් නම් රසායන ද්‍රවය නිසා ස්නායු සම්බන්ධ රෝග සුව කිරීමේ හැකියාවක් පවතිනවා.
  • මොළය ආශ්‍රිතව ගෙඩි ඇති වීමේ අවධානම අඩු කරයි.
  • ජාන විකෘති කිරීමේ  අවධානම අඩු කරයි.
  • රුධිරවාහිනීවල බිත්ති ශක්තිමත් කරයි.
  • දීර්ගායුෂ විදීමට උපකාරී වේ.
  • කාටිලේජ විනාශ කිරීමට ශරීරයේ නිපදවෙන එන්සයිම විනාශ කිරීමේ හැකියාවකින් යුතු නිසා හරිත තේ පානයෙන්  කාටිලේජ ආරක්ෂා කරගත හැක.
  • හරිත තේ වල අඩංගු සංඝටක අතර ෆ්ලෝර්යිඩ් ද ඇත. ඒ නිසා අස්ථි පද්ධතියේ ඝනත්වය මෙන්ම එහි ශ්ක්තිමත් බව වැඩිවීම කෙරෙහිද හරිත් තේ බලපෑම් කරයි.
  • රුධිර ගත අහිතක ග්ලුකෝස් ප්‍රමාණයන් අවම කරමින් ශරීරයට හිතකර  ග්ලුකෝස් නිපදවීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරයි.
  • මේද සෛල වටා ආරක්ෂක ආවරණයක් සේ සිටිමින් සෛල තුලට ග්ලුකෝස් අංශුගමන් කිරීම වලක්වයි. මෙමගින් ශරීරය අනවශ්‍ය ලෙස තරබාරු වීම පාලනය කරයි.
  • ශරීරයේ ග්ලුකෝස් හා මේදය දහනය කරයි.
  • මතක වර්ධනයට උපකාරී වේ. 
  • මොළයේ සෛල විනාශ වීමේ ක්‍රියාවලියට එරෙහිව ක්‍රියාකරයි..
  • හරිත තේ වල අඩංගු විශෙෂ රසායනිකයක් නිසා අක්මාවේ ඇති අහිතකර අංශු විනාශ කර දමයි.
  • ශරීරයේ රුධිර පීඩනය ඉහල දමන ඇන්ජියෝමෙන්ඩින් නම් එන්සයිමය මැඩපැවැත්වීමේ හැකියාව  හරිත තේ සතුය. තවද ආහාර විස වීමට හේතු වන බැක්ටීරියා විනාශ කරයි.
  • විවිධ ආසාදනයන්ට විරුද්ධව සටන් කරමින් ශරීරයේ ප්‍රතිශක්තීකරණ හැකියාව ඉහල දමයි. 
  • සෙම්ප්‍රතිශයාවට ප්‍රතිකාරකයක් සේ ක්‍රියා කරයි. 
  • හරිත තේ වල නියොපීලීන් නම් සංඝටක අඩංගුය.එය ශ්වසන මාර්ගයේ මාංශපේශී ඉහිල් කරමින් ඇදුම රෝගය ඇතිවීම වලක්වයි. 
  • මුඛයේ ඇතිවන වෛයිරස් හා බැක්ටීරියා විනාශ කොට දමයි. දන්ත රෝග මෙන්ම මුඛයේ දුගද හැමීමද වළක්වාලයි.
  • මානසික ආතතිය මෙන්ම විශාදය පාලනය කරයි.  
  • තුවාල ඉක්මනින් සුව කිරීමේ හැකියාව පවතී. 
  • මුත්‍රාකාරකයක් සේ ක්‍රියාකරයි. 
  • පිළිකා ඇතිවීමේ අවධානම අඩු කරයි.

          උදා - පපුවේ ඇතිවන පිළිකා, ඩිම්බ වල හටගන්නා පිළිකා, පුරස්ථි ග්‍රන්තයේ ඇතිවන පිළිකා.

  • හෘද රෝග ඇතිවීමේ අවධානම අඩු කරයි. එසේම ඔසප් කාල සීමාව තුල හරිත  තේ පානය කිරීම නිසා ශරීරයේ යකඩ මට්ටම සෘණ අගයක් දක්වා පහල හෙලයි.

Thursday, October 29, 2015

banana pie power

බෝ නොවන රෝග නැසීමේ කෙසෙල් ගෙඩියේ බලය


කෙසෙල් වල අඩංගු පෝෂණය මලබද්ධය,හෘද රෝග වැනි රෝග ‍රැසක අවදානම නැති කරන බව ඔබ දන්නවාද?   පර්යේෂණ මගින් පෙන්වා දී ඇත්තේ දිනකට කෙසෙල් ගෙඩි 3ක් ආහාරයට ගැනීමෙන් මිනිත්තු 90ක් ශරීරය වෙහෙසා ක්‍රියා කිරීමට අවශ්‍ය ශක්තිය හා උද්‍යෝගීමත් බව ලබා දෙන බවයි.  කෙසෙල් ගෙඩි 3ක පොටෑසියම් 1500mg ප්‍රමාණයක් අඩංගු වෙයි.















රුධිර කැටිගැසීම පාලනය
ඉතාලි හා බ්‍රිතාන්‍ය පර්යේෂකයන් පෙන්වා දෙන්නේ දිනකට කෙසෙල් ගෙඩි 3ක් පමණක් ආහාරයට ගැනීමෙන් අවශ්‍ය  පොටෑසියම් ලැබී රුධිර කැටිගැසීම වළක්වා මොළයට රුධිර ගමනා ගමනය ක්‍රමවත් කරන බවයි.   කෙසෙල්වල අඩංගු  පොටෑසියම් 500 mg ක් රුධිර පීඩනය පාලනයට සමත්ය.

අස්ථි දිරායාම වළක්වයි.
පොටෑසියම් අඩංගු කෙසෙල් ආහාරයට ගැනීමෙන් ලුණු අධිකව ගැනීම නිසා සිදුවන අස්ථි දිරායාම වළක්වයි.

විශාදය
පසුගිය පර්යේෂණවලට අනුව විශාදයෙන් පීඩා විදින්නන් කෙසෙල් ආහාරයට ගැනීමෙන් පසුව සුවදායි බවින් කල් ගෙවන බව තහවුරු වී ඇත. කෙසෙල්වල අඩංගුවන ට්‍රයිප්ටොපොන් නම් ප්‍රෝටීනය සෙරොටොනින් බවට පරිවර්තනය වීමෙන් ඔබේ මනස සැහැල්ලු කරවයි. එමගින් මනස ප්‍රීතිමත්ව තබයි.

වෙරි මතින්න් පසුව ඇතිවන  අපහසුතාවන්ට
කෙසෙල් පානයක් ලෙස සකසා මී පැණි දමා රසවත් කරගෙන පානය කිරීමෙන් වෙරි මත් ගතිය ඉක්මනින් පහ කරවීමට  සමත්ය. රුධිර ගත සීනි මට්ටම පාලනයටද මී පැණි කදිම ඔසුවකි.

උදෑසන අපහසුතා
ප්‍රධාන ආහාර වේල් අතරට අතුරුපසක් ආකාරයට හෝ කෙසෙල් ආහාරයට ගන්නේ නම් රුධිර ගත සීනි මට්ටම ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යා හැක. එසේම උදෑසන ඇතිවන අපහසුතා මග හරවා ගැනීමට කෙසෙල් උපකාරී වෙයි.

මදුරුවන් දෂ්ට කරන විට
මදුරුවන් දෂ්ට කිරීම නිසා සමට ඇතිවන හානි වළක්වා ගැනීමට එම ස්ථාන වල කෙසෙල් යුෂ තවරන්න. අතේ ඇතිවන ඉදිමුම් හා පැල්ලම් ඉන් ඉවත් කල හැකිය.

ස්නායු පද්ධති
විටමින් බි වලින් අනුන කෙසෙල්  ස්නායු පද්ධතියේ නිසි ක්‍රියාකරීත්වයට උපකාරී වන්නකි.

ශරීර උෂ්ණත්වය පාලනයට
කෙසෙල් ශරිරය සිසිල් කරවන පළතුරකි. ගැබිණි මව්වරුන්ගේ ශරිරය උෂ්ණ වන විට එය සමනය කිරීමටද මෙය සමත් වෙයි.

දුම් පානය වැළැක්වීම
දුම් පානයට ඇබ්බැහි වීම පාලනයට ද කෙසෙල් කදිම පිළියමකි. විටමින් බි6, බි12 අඩංගු වීම හා පොටෑසියම් හා මැග්නීසියම් මගින් නිකොටීන් වලින් ශරිරයට වන හානිය අවම කරයි.

මානසික ආතතිය
පොටෑසියම් ශරිරයට අත්‍යවශ්‍ය ඛනිජ ලවණයකි. එමගින් හෘද ස්පන්දනය සාමන්‍ය ත්ත්වයක පවත්වාගෙන යාමට අවශ්‍ය ඔක්සිජන් මොලයට සැපයීම පාලනය කරයි. මානසික ආතතියෙන් පීඩා විදින විට පොටෑසියම් ප්‍රමාණය අඩුවේ. එය නැවත යථා තත්වයට පත් කිරීමට කෙසෙල් සුදුසුම ආහාරයකි.

මල බද්ධය
කෙදි බහුල කෙසෙල් වැනි ආහාර ගැනීම නිසා ආහාර ජීරණ ක්‍රියාවලිය විධිමත් කර උදරය ආශ්‍රිත ගැටලු සමනය කර මල බද්ධය පාලනය කරයි.



පෝෂණ කරුණු
කෙසෙල්
ග්රෑම් 100 ක
කැලරි 89
% 
මුළු මේදය                             0.3 g 0%
සංතෘප්ත මේදය                     0.1 g 0%
බහු අසංතෘප්ත මේද               0.1 g  
Monounsaturated මේදය          0g 
කොලෙස්ටරෝල්                  0 mg 0%
සෝඩියම්                               1 mg0%
පොටෑසියම්                      358mg 10% 
මුළු කාබෝහයිඩ්රේට             23g 7%
තන්තු                                 2.6 g 10% 
සීනි                                      12g
ප්රෝටීන්                            1.1g 2% 
විටමින් A 1%           විටමින් C 14%
කැල්සියම් 0%          යකඩ 1%
විටමින් D 0%          විටමින් B -6 20% 
විටමින් B - 12 0%   මැග්නීසියම් 6%     

Sunday, July 26, 2015

Green tea drinking benefits


ග්‍රීන් ටී පානයෙන් ලැබෙන වාසි

ග්‍රීන් ටී කදිම ඖෂධීය පානයකි. එමගින් ඔබේ රෝග මර්ධනය කරනවා පමණක් නොව සිරුරට අමතර  ශක්තියක් ගෙනදීමට ද සමත්ය.
මෙවැනි ඖෂධීය පානයකින් ඔබට ලබා ගත හැකි සෞඛ්යමය වාසි කිහිපයකි,





ප්‍රතිශ්ක්තිය වැඩි කරයි.

ග්‍රීන් ටී වල ෆ්ලෙවනොයිඩ් හා පොලිපෙනොල් අඩංගු වෙයි.මෙ හේතුවෙන් ඔබේ සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනයටද එය උපකාරී වේ. ශරීරයේ ඇතිවන විවිධ බැක්ටීරියා අසාධනවලට එරෙහිව ක්‍රියාකිරිමට ශක්තිය ලැබෙන්නේ එමගිනි.


අධික රුධිර පිඩනය පාලනය.

අධික රුධිර පිඩනයෙන් පීඩා විදින්නන්ට ග්‍රීන් ටී කදිම ඖෂධයකි.

අක්මාවට හිතකරයි.

පර්යේෂණ මගින් පෙන්වා දෙන්නේ අක්මාවට හානිදායක වන අක්මා ඉදිමුම ( Fatty liver)
ඇතිවීම පාලනයටද ග්‍රීන් ටී සුදුසුම පානයක් බවයි.

සෙම්ප්‍රතිශ්‍යාව හා සිසිල් බවට එරෙහිව ක්‍රියාකරයි.

පරිසරයේ සිසිල් බව හා තෙතමනය නිසා සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවිය හැකිය. එවැනි අවස්ථාවක ඇතිවන රෝග තත්ව මර්ධනයට විටමින් අඩංගු ග්‍රීන් ටී සුදුසුම පානයකි.


කනේ ආසාදන.

කන පිරිසිදු කරන cotton bud  එකක් ගෙන ග්‍රීන් ටී එකක පොගවාගෙන කන ඇතුලත ප්‍රවේශමෙන් පිරිසිදු කරගන්න. මෙය කනේ ආසාදන සදහා වඩාත් සුදුසු සත්කාරයක් වේ.

රුධිර ගත සීනි මට්ටම පාලනය. 

රුධිර ගත සීනි මට්ටම පාලනය කිරීමට හැකි සුවිශේෂ ගුණය නිසාම වයස්ගත පුද්ගලයන් ග්‍රීන් ටී පානයට හුරුව සිටියි.

මේදය පාලනයට.

සිරුර අභ්‍යන්තරයේ ඇති අමතර මේද දහනයට ව්‍යායාම මගින් මෙන්ම ග්‍රීන් ටී පානයකින් ලැබෙන ප්‍රබෝධය ඉවහල් වේ






Want to drink 8 glasses of water a day?

දිනකට වතුර වීදුරු 8 ක් බොන්න ඕනෙද?





සොඛය සම්පන්න ජීවන රටාවකට සමබල ආහාර වේලක් ලබාගැනීම මෙන්ම හොදින් ජලය පානය කිරිමත් වැදගත් වෙනවා. අද වන විට බොහෝ දෙනා උදෑසනම ජල වීදුරුවක් පානය කිරීමට පුරුදුවෙලා සිටිනවා

දිනකට පානය කල යුතු වතුර ප්‍රමාණය ගැනත් ඔබ සැලකිලිමත් වන නිසා දිනකට ජල වීදුරු 8 ක් පානය කිරීම සුදුසු යන බවට මතයක් පවතී.
නමුත් මෙහි කිසිදු සත්‍යයතාවක් නොමැත. එම ප්‍රමාණය පුද්ගලයාගේ ස්කන්ධය අනුව වෙනස් වෙයි. තමන්ගේ බර (KG ) මැන බලා එය 7න් බෙදු පසුව ලැබෙන අගය ඔබ දිනකට පානය කල යුතු ජල ප්‍රමාණයයි. එලෙස තමා දිනකට පානය කල යුතු නිසි ජල ප්‍රමාණය ඔබටම මැන බලාගත හැකියි.

පෝෂණ කරුණු                                                                  


ජල ග්රෑම් 100 ක් සදහා

කැලරි                                                                             0% 
මුළු මේද 0 g                                                                   0%
සන්තෘප්ත මේද 0 g                                                         0%
බහු අසංතෘප්ත මේද 0 g
කොලෙස්ටරෝල් mg 0                                                  0%
සෝඩියම් 4 mg                                                              0%
මුළු කාබෝහයිඩ්රේට 0 g                                               0%
තන්තු 0 g                                                                       0%
සීනි 0 g
ප්රෝටීන් 0 g                                                                  0%
විටමින් A                                                                       0% 
විටමින් C                                                                      0%
කැල්සියම්                                                                      0% 
යකඩ                                                                             0%
විටමින් D                                                                      0% 
විටමින් B-6                                                                   0%
විටමින් B-12                                                                 0% 
මැග්නීසියම්                                                                    0%